
සිරවී ඇති වීසා අයදුම්පත් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් සළකා බැලීම ආරම්භ කර ඇතැයි ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් දැනට ප්‍රමුඛතාවය දී ඇත්තේ Travel Exemption යටතේ රටට පැමිණීමට අවසර දී ඇති සංචාරකයන්ට සහ බැක්පැකර්වරුන්ට බවයි සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් කියාසිටියේ.
එයින්ද working holiday makers වීසා සඳහා මූලිකත්වය ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කලා.

මේ බව සඳහන් කලේ පුහුණු ශ්‍රමික වීසා (Skilled Visa) සඳහා දීර්ඝ කලකට පෙර අයදුම්පත් යොමුකර ඇතත් මෙතෙක් තීරණයක් ලැබී නොමැති බවට අයදුම්කරුවන් රැසක් කර තිබූ චෝදනාවලට පිළිතුරු දෙමිනුයි.
ලැබී ඇති සියලුම අයදුම්පත් සළකා බැලෙමින් ඇති බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් සංක්‍රමණ අමාත්‍යවරයා අවධාරණය කලා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව 190 වීසා කාණ්ඩය සඳහා අයදුම්පත්වලින් සියයට 75 ක් මාස 06 ක් තුළදීත් සියයට 90 ක් මාස 09 ක් තුළදීත් සළකා බලා අවසන් කිරීමටයි දින වකවානු සකස් කර ඇත්තේ.
SOURCE : SBS HINDI
COMMENTS