
අගමැති ස්කොට් මොරිසන් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හිටපු අගමැතිනී සමග කෙටි පණිවුඩ හුවමාරුවක නිරතවූ කැබිනට් අමාත්‍යවරයා තමා බවට නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිවරයෙකු වන බොබ් කාර් නගා ඇති චෝදනාව පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍ය පීටර් ඩට්න් පවසනවා.
බොබ් කාර් කල මෙම චෝදනාව තමන් දැඩි කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි පීටර් ඩට්න් සඳහන් කලේ.
අදාළ කෙටි පණිවුඩ හුවමාරුවේදී ප්‍රකාශ වී තිබුණේ අගමැති මොරිසන් ගේ මානසික මට්ටම යහපත් නොමැති බවයි.

එමෙන්ම අගමැති මොරිසන් භයානක පුද්ගලයෙකු බවටද කැබිනට් ඇමතිවරයෙකු අතර ඇතිවූ එම කෙටි පණිවුඩ සංවාදයේදී නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය අදහස් දක්වා තිබුණා.
කෙසේවෙතත් අදාළ සංවාදයට තමන් සම්බන්ධ යැයි එල්ලවන චෝදනා කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම විසින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර අවසන්.
