රැපිඩ් සහ PCR කට්ටල සඳහා ෆෙඩරල් රජයෙන් බදු සහන

රැපිඩ් සහ පි සී ආර් කට්ටල බදුවලට යටත් කර ඉන් බදු සහන ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

භාණ්ඩාගාරික Josh Frydenberg විසින් එම යෝජනාව අද රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

මේ අනුව සියයට 32.5 ක අගයකින් බදු ගෙවන පුරවැසියන්ට ඩොලර් 20 ක් වටිනා රැපිඩ් කට්ටල 02 ක පැකට්ටුවකින් ඩොලර් 6.50 ක එකක් ලැබීමට නියමිතයි.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහාද එලෙසම බදු කපා හැරීමක් සිදුකෙරෙනු ඇති.

සේවා ස්ථානවල සේවකයන් සඳහා ලබාදීමට මිළදී ගන්නා රැපිඩ් කට්ටල සඳහා පණවා ඇති බදු මුදල්ද කපා හැරීම කෙරෙහියි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇත්තේ.

https://www.abc.net.au/news/2022-02-06/covid-tests-to-be-tax-deductible-in-australia/100808996

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »