ක්වීන්ස්ලන්ඩ් පාසල් පළමු වාරය අද සිට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් පළමු වාරය වෙනුවෙන් අද නැවත විවෘත කෙරෙනවා.

ද්වීතියික පාසල්වල සිසුන්ට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර අනෙකුත් පාසල්වල 03 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවට නිර්දේශ කර තිබෙනවා.

කෙසේවෙතත් සියලුම ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු අතරතුර මුව ආවරණ පැළඳ සිටිය යුතු අතර උපදෙස් දෙන අතරතුර ඒවා ඉවත් කල හැකියි.

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත සිසුන් මෙන් ක්වීන්ස්ලන්ඩ් සිසුන්ට සතිපතා රැපිඩ් පරීක්ෂණවලට පෙනී සිටීම අනිවාර්ය වන්නේද නැහැ.

කිසියම් සිසුවෙකු පාසල තුළදී රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔහු හෝ ඇය පංති කාමරයෙන් ඉවත් කර දෙමව්පියන් පැමිණ රැගෙන යනතුරු හුදකලා කාමරයක රඳවා තැබෙනු ඇති.

පාසලෙන් යනවිටදී රැපිඩ් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර එය සෘණාත්මක නම් යළිත් ඊළග දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා පංති කාමරයට පැමිණිය හැකියි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »