ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා කඩිනමින් විවෘත වෙයිද ? අද තීරණාත්මකයි

ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා කඩිනමින් විවෘත කල හැකිදැයි තීරණය කිරීමට ෆෙඩරල් රජයේ ජාතික ආරක්ෂක කමිටුව අද රැස්වනවා.

ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් පෙන්වා දෙන්නේ එය ඉතා ඉක්මණින් තීරණය කල යුතු ප්‍රමුඛ කරුණක් බවයි.

පුහුණු ශ්‍රමිකයන් – ජාත්‍යන්තර සිසුන් සහ බැක්පැකර්වරුන් සඳහා දැනටමත් රට විවෘත කර ඇති අතර එය සාර්ථකව ක්‍රියාත්මක බවයි අගමැති ස්කොට් මොරිසන්ද සඳහන් කලේ.

එහි ඉදිරි පියවරක් ලෙස විදෙස් සංචාරකයන්ට තවදුරටත් රට විවෘත කල හැකි ආකාරය අද දිනයේදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ සඳහා ප්‍රාන්ත අගමැතිවරුන් ද සහය පළකර ඇති අතර ආර්ථිකය නගා සිටුවීමට දේශ සීමා විවෘත කිරීම වැදගත් බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

https://www.9news.com.au/national/australia-poised-to-reopen-international-borders-welcoming-back-tourists/1cb6527b-d376-4db4-910d-42ca2f54a34b

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »