
තරුණ ප්‍රජාව අතර බූස්ටර් මාත්‍රා ප්‍රතිශතය ප්‍රමාණවත් මට්ටමක නොමැති බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ සංජය සේනානායක පවසනවා.
ඔමික්‍රොන් ප්‍රභේදයෙන් මිදීමට නම් අනිවාර්යෙන්ම බූස්ටර් මාත්‍රාව ගත යුතුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.
තරුණ ප්‍රජාව හා සැසඳීමේදී වැඩිහිටි ජනගහණයේ බූස්ටර් මාත්‍රා ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවද ඔස්ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සංජය සේනානායක කියාසිටියා.

ඔමික්‍රොන් යනු එතරම් බරපතල නොවන ප්‍රභේදයක් ලෙස ඇතැමුන් වටහාගෙන සිටීම මීට ප්‍රධාන හේතුව ලෙසයි ඔහු සඳහන් කරන්නේ.
ඇතැමුන් එන්නත් සඳහා වේලාවන් වෙන් කරගෙන එය ලබා නොගන්නා තත්වයක්ද පවතින බව වෛද්‍ය සංජය සේනානායක පවසා සිටියා.
