එන්නත නැත්නම් පොදු ස්ථාන තහනම් – ශ්‍රී ලංකාවේ අලුත්ම නීතිය මෙන්න

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය රහිතව කිසිදු පොදු ස්ථානයකට ගමන් කිරීමට හෝ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවයි.

මෙලෙස පැන වූ සෞඛ්‍ය නව නීතිය ලබන අප්‍රේල් 30 දා සිට බලාත්මක වන අතර, දිවයිනේ කිසිදු ප්‍රදේශයක පිහිටි පොදු ස්ථානයකට පූර්ණ එන්නත්කරණයෙන් තොරව ගමන් කිරීමට නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ නව ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

එම නව කොරෝනා සෞඛ්‍ය නීති උල්ලංඝනය කළහොත් දැඩි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනු ඇති.

එබැවින් මේ වනවිට කිසිදු එන්නතක් ලබා නොගත් අයට මෙම නිවේදනය අතිශය වැදගත් වන අතර, පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණහොත් කිසිදු පොදු ජනතාව ගැවසෙන ස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි වනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »