ඇබොරිජීන් කොඩිය සිඩ්නි වරාය පාලමේ ස්ථිරවම ප්‍රදර්ශනය කිරීමට පියවර – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇබොරිජීන් කොඩිය සිඩ්නි වරාය පාලමේ ස්ථිරවම ප්‍රදර්ශනය කිරීමට පියවර

ඇබොරිජීන් කොඩිය සිඩ්නි වරාය පාලමේ ස්ථිරවම ප්‍රදර්ශනය කිරීමට පියවර

ඔස්ටේ්‍රලියාවේ ආදිවාසීන් හෙවත් ඇබොරිජීන්වරුන්ගේ නිල කොඩිය සිඩ්නි වරාය පාලමේ මුදුනත ස්ථිරවම ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ජාතික කොඩිය සමග ඇබොරිජින් කොඩියද එහි ස්ථාපිත කරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අද නිවේදනය කලේ.

කෙසේවෙතත් මේ සඳහා මාස 06 ක් පමණ ගතවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ෆෙඩරල් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ද මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර තිබෙනවා.

ඇබොරිජින් කොඩියේ නිල අයිතිය පසුගියදා ෆෙඩරල් රජය විසින් හිමිකර ගනු ලැබුවා.

https://www.9news.com.au/national/aboriginal-flag-sydney-harbour-bridge-nsw-premier-dominic-perrottet-says-flag-will-fly-permanently/e33581a2-6ef9-4c5d-a603-d47fce85afef

COMMENTS