
එන්නත්කරණයට විරෝධය පළකරමින් කැන්බරා හි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ අද දිනයේදීත් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් මධ්‍යම කැන්බරා හි සැළකිය යුතු රථවාහන තදබදයක් ඇති විය හැකි බවටයි පොලිසිය අනතුරු අගවා සිටියේ.
ඊයේ දිනයේදීත් කැන්බරා නගරයේදී මෙලෙසම විරෝධතාවයක් පැවති අතර එය විසුරුවා හැරීමට ප්‍රාන්ත පොලිසියට ඉමහත් ප්‍රයත්නයක් දැරීමට සිදුවුණා.

විරෝධතාකරුවන් ඉවත් නොවුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන දේපළද තමන් භාරයට ගන්නා බවට පොලිසිය අනතුරු අගවනු ලැබුවා.
ඊයේ දිනයේදී එක් විරෝධතාකරුවෙකු සතුව තිබී රයිෆලයක්ද තමන් භාරයට ගත් බවයි පොලිසිය නිවේදනය කලේ.

ඔස්ටේ්‍රලියාවේ ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සහිත ප්‍රාන්තය ACT වන අතර එහි වයස අවුරුදු 12 ට වැඩි ජනතාවගෙන් සියයට 98.6 කට මේ වනවිට මාත්‍රා 02 ක් ලබා දී අවසන්.
COMMENTS