අගමැති මොරිසන් “බොරුකාරයෙකු” කියූ නියෝජ්‍ය අගමැති සමාව අයැදී

අගමැති ස්කොට් මොරිසන් බොරුකාරයෙකු බවට තමන් යැවූ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සමාව අයැද තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු පුවත්පත් කිහිපයක් වාර්තාකරන පරිදි නියෝජ්‍ය අගමැතිවරයා විසින් පසුගිය වසරේදීයි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙත මෙම පණිවුඩය යොමු කර ඇත්තේ.

අගමැතිවරයා කෙරෙහි තමන් තුළ කිසිදු විශ්වාසයක් නැතැයිද නියෝජ්‍ය අගමැතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

අගමැති මොරිසන් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය සහ කැබිනට් අමාත්‍යවරයෙකු අතර කෙටි පණිවුඩ හුවමාරුවක් පිළිබඳ ආන්දෝලනාත්මක තත්වයක් පවතින අවස්ථාවකයි මෙම නවතම සිදුවීමද කරළියට පැමිණ ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අගමැති මොරිසන්ද ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහු පවසා තිබුණේ තමන් නියෝජ්‍ය අගමැතිවරයාගේ සමාව අයැදීම පිළිගන්නා බවයි.

https://www.sbs.com.au/news/barnaby-joyce-apologises-for-text-message-labelling-scott-morrison-a-hypocrite-and-liar/017c5cff-efcf-4796-9e3d-7257df8d4e83

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »