වික්ටෝරියා ගුරුවරුන්ට නව ප්‍රතිලාභ රැසක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ගුරුවරුන්ට නව ප්‍රතිලාභ රැසක්

වික්ටෝරියා ගුරුවරුන්ට නව ප්‍රතිලාභ රැසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු පාසල්වල ගුරුවරුන්ගේ සේවා මුරයෙන් මුහුණට මුහුණ ඉගැන්වීම් (face-to-face learning) සිදුකරන කාලය අඩුකිරීමට එකගතාවයක් ඇතිවී තිබෙනවා.

වසර 30 කට පමණ පසු මෙවැනි සංශෝධනයක් සිදුකරන පළමු අවස්ථාව මෙය වන අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ ඔස්ටේ්‍රලියානු අධ්‍යාපන සංගමය අතරයි ඊට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

මේ අනුව ලබන වසරේදී අදාළ කාලය පැයකින් අඩු කෙරෙන අතර 2024 දී පැය එකහාමාරක් දක්වා ඉහළ දැමෙනු ඇති.

මෙම කාලය පාඩම් සඳහා සූදානම්වීමට සහ ඇගයීම් ළකුණු කිරීමට යොදා ගැනීමට නියමිතයි.

එමෙන්ම සතියේ එක් දිනක් ඉගැන්වීම් කාල පරිච්ඡේද සඳහා ගුරුවරුන් අනුයුක්ත නොකිරීමටත් වික්ටෝරියා ප්‍රාන්ත රජය කැමැත්ත පළකර තිබෙනවා.

2025 වසරේ ජූලි 01 වනදා දක්වා සෑම මාස 06 කටම වරක් ගුරු වැටුප් සියයට 01 කින් ඉහළ දැමීමත් වැටුප් සහිත මාතෘ නිවාඩු ගණන සති 16 ක් දක්වා වැඩිකිරීමත් සම්මත වී ඇති තවත් යෝජනා 02 ක්.

https://7news.com.au/news/education/teachers-win-a-reduction-in-face-to-face-hours-in-new-agreement-with-victorian-government-c-5567553

COMMENTS