
වික්ටෝරියා ප්‍රාන්තයේ Ambulance Victoria කාර්ය බහුලම කාලසීමාව පසුගිය ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය බව තහවුරු වී තිබෙනවා.
අතිශය අසාධ්‍ය අවස්ථා හේතුවෙන් මෙම කාලසීමාවේදී ගිලන්රථ 91,397 කට කැඳවීම් ලැබී ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය වාර්තා පවසන්නේ.
එය 2020 වසරේ අදාළ කාලය හා සැසඳීමේදී සියයට 16 ක ඉහළයාමක්.

Ambulance Victoria සේවාව ආරම්භ කිරීමෙන් පසු වැඩිම කැඳවීම් ලැබුණු කාලයද මෙය වනවා.
පසුගිය දෙසැම්බර් – ජනවාරි කාලයේදී Ambulance Victoria විසින් අවස්ථා කිහිපයකදීම හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

COMMENTS