
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ගුවන් මගීන්ට එම රටවල සිට ගෙවීම් කටයුතු සිදු කෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියා විරහිත වීම නිසා, ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් තොටුපළේ දී අදාල ගෙවීම් කටයුතු සිදු කර වීසා ලබා ගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ අමෙරිකාව – එක්සත් රාජධානිය – ඔස්ටේ්‍රලියාව – නවසීලන්තය – ජපානය – සිංගප්පූරුව – ප්‍රංශය සහ රුසියාව ඇතුලු රටවල් 30 කට එම පහසුකම හිමිවන බවයි.
මෙම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට එරට ගුවන් තොටුපළේ දී, ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වීසා ලබා ගෙන නොමැති නම්, ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් යානය වෙත පිවිසීමේ අවස්ථාව එරට ගුවන් තොටුපළ බලධාරීන් විසින් අත්හිටුවා තිබෙනවා.

එබැවින් මෙම නිවේදනය ඉහත රටවල ආගමන විගමන, ගුවන් තොටුපළ සහ විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යොමු කර ඇතැයි සඳහන්.
ඒ අනුව එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ, වීසා කටයුතු සදහා අදාළ ගෙවීම් සිදු කර ගත හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස වැඩිදුරටත් ප්‍රකාශ කලා.

COMMENTS