ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අද – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අද

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අද

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද සැමරෙනවා.

වසර 443 ක් පෘතුගීසි – ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත්ව සිට ශ්‍රී ලංකාවට නිදහස හිමිවූයේ 1948 වසරේ පෙබරවාරි 04 වනදායි.

74 වන නිදහස් දින උළෙල අද පෙරවරු 08 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

ආගමික නායකයන් – මැති ඇමතිවරුන් – ප්‍රභූන් – රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගීවිමට නියමිතව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ආචාර පෙළපාලියට 6500 ක පිරිසක් සහභාගිවීමට නියමිතයි.

යුධ හමුදාවේ 3463 ක් / නාවික හමුදාවේ 919 ක් / ගුවන් හමුදාවේ 804 ක් / පොලිසියේ 336 ක් / පොලිස් විශේෂ කාර්ය බලකායේ 282 ක් / සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 437 ක් සහ ජාතික ශිෂ්‍යභට ඛණ්ඩයේ 259 ක් ඒ අතර වනවා.

COMMENTS