රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු පවසයි.

මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ට ද චෝදනා එල්ලවී තිබේ.

රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම කඩාවැදුණු පිරිසක් එහි සිසුන් වෙත පහරදීමක් සිදුකර තිබුණි.

ඉන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් රෝහල්ගත කෙරුණි.

මෙම පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බව කියන අයකු ද සිටි බවට හැඳුනුම්පතක් සොයා ගැනුණු අතර සැකකරුවන් පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක්ද සිසුන් සිය භාරයට ගෙන පොලීසියට භාරදී තිබුණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා පොලීසිය වෙත ඊයේ රාත්‍රියේ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ගැනුණි.

23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවිය.

පොලීසිය පැවසුවේ, එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය ද කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවය.

ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණේ,

“මේ සිද්ධියට මගේ කියලා කවුරු හරි සම්බන්ධවෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් තුළ ඒ අය ගැන විනය තීන්දුවක් ගන්න මං අනිවාර්යයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම කවුරු හරි කියවා නම් ඒකට මම සම්බන්ධයි කියලා..ඒක ඔප්පු කළොත් මං අනිවාර්යයෙන්ම අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවා.”

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »