
වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට සිදුකරගෙන යන සැත්කම් ක්‍රමවේදයට කිසිදු වෙනසක් නොකරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.
ඒ අනුව Code Brown තත්වය යටතේ හදිසි හා අත්‍යවශ්‍ය සැත්කම් පමණක් තවදුරටත් සිදු කෙරෙනු ඇති.
ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානමත් සමග රෝහල්ගතවීම් ඉහළයාම හමුවේ වික්ටෝරියා රෝහල්වල තවමත් Code Brown තත්වයකුයි ක්‍රියාත්මක වන්නේ.

එහිදී අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කිරීමකුයි සිදුවන්නේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පසුගියදා නිවේදනය කලේ ලබන සඳුදා සිට අත්‍යවශ්‍ය නොවන සැත්කම් යළිත් ආරම්භ කෙරෙන බවයි.

කොවිඩ් ආසාධිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි නොවන සැත්කම් අත්හිටුවා තිබෙනවා.
COMMENTS