
Aged Care විශය භාර අමාත්‍ය Richard Colbeck වහා ඉල්ලා අස්විය යුතු බව ෆෙඩරල් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.
නොඑසේනම් අගමැති ස්කොට් මොරිසන් විසින් ඔහු ධුරයෙන් නෙරපා හැරිය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
සාත්තු සේවා වල කොවිඩ් පැතිරීම සම්බන්ධ සාකච්ඡාවකට සහභාගී නොවී අලු බඳුන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ගිය බවට ඇමති Richard Colbeck ට චෝදනා එල්ල වී තිබෙනවා.

වගකීම් නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් බවට ඇමතිවරයා විසින් පැහැදිලිව ඔප්පු කර ඇති බවයි විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසන්නේ.
ජනවාරි මාසයේදී පමණක් Aged Care මධ්‍යස්ථානවල සිටි 556 දෙනෙකු කොවිඩ් වැළඳී මියගොස් ඇති බවද සේවකයන්ද ඇතුලු 32,000 ක් පමණ ආසාධිතයන් වී ඇති බවද ඔහු අනාවරණය කරනවා.
