ඔස්ටේ්‍රලියාව තුළ 16 ත් 17 ත් අතර කාණ්ඩයට බූස්ටර් දීමට අනුමැතිය

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 16 ත් 17 ත් අතර වයස් කාණ්ඩයට බූස්ටර් එන්නත ලබාදීමට තාක්ෂණික උපදේශක කමිටුව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව මාස 03 කට පෙර මුල් මාත්‍රා 02 ගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ගත හැකි වනවා.

රජය විසින් පවත්වාගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථානවලදී / ෆාමසි වලදී හෝ පවුලේ වෛද්‍යවරුන්ගෙන් එලෙස එන්නත ලබාගත හැකි වනවා.

ෆෙඩරල් රජය අවධාරණය කලේ සුදුසුකම් සපුරා ඇති සියලුම ඔස්ටේ්‍රලියානුවන් එන්නත්කරණයට අවශ්‍ය එන්නත් තොග ඇති බවයි.

මේ අතර පූර්ණ එන්නත්කරණය යන නිර්වචනය මාත්‍රා 03 ම ගැනීම ලෙස සංශෝධනය කෙරෙහිද තාක්ෂණික උපදේශක කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »