
රාගම වෛද්‍ය පීඨ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රාජ්‍ය අමැති අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ වයස අවුරුදු 23ක් වන අතර නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ රාත්‍රියේ රාගම පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව අත්ඩංගුවට ගත් සැකකරුවන් ගණන 07ක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර අදාළ පහරදීමට පැමිණීම සදහා භාවිතාකළ සුඛෝපභෝගි මෝටර් රථය කලුබෝවිල ප්‍රදේශයේදී රාගම පොලිස් ස්ථානය මගින් භාරයට ගෙන ඇති බව සදහන්.

රාගම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
COMMENTS