නවසීලන්ත දේශ සීමා විවෘත කරන සැලසුම ප්‍රකාශයට පත් කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

නවසීලන්ත දේශ සීමා විවෘත කරන සැලසුම ප්‍රකාශයට පත් කෙරේ

නවසීලන්ත දේශ සීමා විවෘත කරන සැලසුම ප්‍රකාශයට පත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ වසර 02 කට වැඩි කාලයක් වසා දමා තිබු නවසීලන්ත දේශ සීමා අධියරෙන් අධියර විවෘත කරන සැලසුම අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින නවසීලන්ත පුරවැසියන්ට ලබන 27 වනදා සිට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායනයකින් තොරව මව් රටට ඇතුලුවිය හැකියි.

අනතුරුව වෙනත් රටවල සිටින නවසීලන්ත පුරවැසියන්ටද මාර්තු 10 වනදා සිට නවසීලන්තයට පැමිණිය හැකි වනවා.

ජාත්‍යන්තර සිසුන්ට සහ පුහුණු නිපුණතා ශ්‍රමිකයන්ට අප්‍රේල් මාසයේ සිට නවසීලන්තයට පැමිණිය හැකි බව අගමැතිනිය දන්වා සිටියා.

ඔස්ටේ්‍රලියාව ඇතුලු දැනට වීසා නොමැතිව නවසීලන්තයට පැමිණිය හැකි රටවල සංචාරකයන්ට නවසීලන්තයට ඇතුලුවිය හැකි වනුයේ ජූලි මාසයේ සිටයි.

සෙසු රටවල සංචාරකයන්ට ඔක්තෝබර් සිට නිරෝධායනයකින් තොරව නවසීලන්තයට ඇතුලුවිය හැකියි.

මෙම සියලු අවස්ථාවලදී හෝටල් නිරෝධායනයක් අත්‍යවශ්‍ය නොවූවද දින 10 ක් තමන් පදිංචි ස්ථානයේ හුදකලාව සිටිය යුතු වනවා.

https://7news.com.au/news/world/new-zealand-announces-when-it-will-finally-reopen-its-international-border-c-5545623

COMMENTS