වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම අධිවේග දඩ මෙල්බන් ඊසාන දිග ප්‍රදේශයෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම අධිවේග රථවාහන දඩ නිකුත් කර ඇත්තේ මෙල්බන් ඊසාන දිග Heidelberg ප්‍රදේශයේ බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

2020 වසරේ ජූලි මාසයත් 2021 වසරේ ජූනි මාසයත් අතර කාලයේදී ආරක්ෂිත කැමරා ආශ්‍රිතව ලබාගත් තොරතුරු මතයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් මෙම තොරතුරු හෙළි කර ඇත්තේ.

එහිදී Heidelberg හි එක්තරා මංසන්ධියක ස්ථාපිත කර ඇති එක් කැමරාවක් මගින් පමණක් හඳුනාගත් වැරදි වෙනුවෙන් අදාළ මාස 12 තුළදී නිකුත් කර ඇති අධි වේග දඩ සංඛ්‍යාව 53,739 ක්.

දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මෙල්බන් ගුවන් තොටුපළ ආසන්න ස්ථානයක් වන අතර එහිදී වැරදි 24,332 ක් හඳුනාගෙන තිබෙනවා.

සමස්තයක් ලෙස ගත්විට 2019-2020 කාලයේදී අධික වේගයෙන් යාම හමුවේ නිකුත් කර තිබූ දඩ පත්‍රිකා ගණන 10 ලක්ෂ 77 දහස් 586 ක් වුණා.

කෙසේවෙතත් 2020-2021 කාලයේදී එය සියයට 13 කින් ඉහළ ගොස් 12 ලක්ෂ 16 දහස් 979 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහෙත් මාර්ග සංඥාවලට ගරු නොකිරීම සම්බන්ධයෙන් නිකුත් කල දඩ පත්‍රිකා සංඛ්‍යාව පෙර වසර හා සැසඳීමේදී පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

https://www.9news.com.au/national/speed-cameras-victoria-data-reveals-suburbs-streets-where-most-speeding-fines-are-issued/3ed9cb8e-2412-4194-a476-dcc15541fb0c

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »