සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔහු මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඒ අනුව එළඹෙන ඉන්දියානු සංචාරයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව සුරංග ලක්මාල් දැනුම්දී තිබේ.

34 හැවිරිදි ලක්මාල් මේ දක්වා ටෙස්ට් තරග 68ක් එක්දින තරග 86ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

එහිදී ඔහු ටෙස්ට් කඩුලු 168ක් ලබාගෙන ඇත.

ලක්මාල් සිය මංගල ටෙස්ට් තරගය සඳහා එක්වූයේ 2010 වසරේදීය. ඒ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

“මව්බිමට ගෞරවයක් රැගෙන ඒම සඳහා මා කෙරෙහි විශ්වාසය තබමින් අවස්ථාව ලබාදීම සම්බන්ධව මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකරමින් ඔහු පවසා තිබුණි.

COMMENTS