
ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග 05 කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද දිවයිනෙන් පිටත්ව යනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත්.
උප නායකයා වන්නේ චරිත් අසලංකයි.

ලබන 11 වනදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සිඩ්නි කැන්බරා සහ මෙල්බන් නගරවලදීයි පැවැත්වෙන්නේ.
පළමු තරගය පෙබරවාරි 11 වනදා ත් දෙවන තරගය 13 වනදාත් සිඩ්නි හිදී පැවැත්වෙනවා.

03 වන තරගය 15 වනදා පැවැත්වෙන්නේ කැන්බරා හිදීයි.
04 වන තරගය පෙබරවාරි 18 වනදාත් 05 වන තරගය පෙබරවාරි 20 වනදාත් මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතයි.