Search

තවත් නඩුවකින් බැසිල් නිදහස්

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යොදාගනිමින් 2015 ජනාධිපතිවරණ සමයේදී ලිත් මුද්‍රණය කල බව කියන නඩුවෙන් එවක ආර්ථික සංවර්ධන අමාත්්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත යි නියෝගය ලබාදුන්නේ.

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදහස් කෙරුණා.

පැමිණිල්ල විසින් චෝදනා සනාථ කිරීමට අපොහොසත්වී ඇති බවයි විනිසුරුවරයා දන්වා සිටියේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »