නිවු සවුත් වේල්ස් අත්හිටුවා තිබූ අත්‍යවශ්‍ය නොවන සැත්කම් ලබන සතියේ සිට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අත්හිටුවා තිබූ අත්‍යවශ්‍ය නොවන සැත්කම් ලබන සතියේ සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නේවාසික රෝගීන් සඳහා ලබන 07 වනදා සිට අධියර වශයෙන් සැත්කම් යළිත් ආරම්භ වනු ඇති.

පුද්ගලික රෝහල්වලදී සැත්කම් ධාරිතාවයෙන් සියයට 75 ක් පමණක් පළමුවෙන් ආරම්භ කෙරෙනවා.

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි නොවන සැත්කම් පසුගිය 10 වනදා සිට නතර කරනු ලැබුවා.

කොවිඩ් තත්වය හමුවේ පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේ හදිසි නොවන සැත්කම් සඳහා පොරොත්තු කාලය සටහන්වූයේ දින 48 ක් ලෙසයි.

එය පෙර වසර හා සැසඳීමේදී දින 09 ක වැඩිවීමක් වනවා.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/new-south-wales-records-30-covid-deaths-as-restrictions-on-non-urgent-elective-surgery-is-rolled-back-c-5518091

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »