Search

ඔස්ටේ්‍රලියාව තුළ රැකියා ලක්ෂ 03 ක් අහිමිවනු ඇති බවට නවතම වාර්තාවක්

ඉදිරි දශක කිහිපය තුළදී ඔස්ටේ්‍රලියාව තුළ රැකියා ලක්ෂ 03 කට ආසන්න සංඛ්‍යාවක් අහිමිවනු ඇති බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.

මින් අති බහුතරය පතල් කර්මාන්තය ආශ්‍රිත ප්‍රාදේශීය රැකියා වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මීට හේතුව වී ඇත්තේ 2050 වසකර වනවිට ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කක් කරා යාමට ඔස්ටේ්‍රලියාව දැනටමත් සැළසුම් සකස් කර තිබීම හේතුවෙනුයි.

මේ අනුව එවැනි කර්මාන්ත ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීම හමුවේ රැකියාද සැළකිය යුතු සංඛ්‍යාවක් කප්පාදු කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

එබැවින් පතල් කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල රැකියාවල නියුතුවූවන්ගේ අනාගතය සුරක්ෂිත වන ආයෝජන වැඩපිළිවෙලක් කෙරෙහි දැන් සිටම අවධානය යොමුකල යුතුව ඇතැයිද අවධාරණය කෙරෙනවා.

https://www.abc.net.au/news/2022-01-31/decarbonised-economy-could-lead-to-300000-fossil-fuel-job-losses/100790802

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »