
තම ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ඇතුළත් ට්විටර් ගිණුමක් ඉවත් කිරීම සඳහා ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඉලොන් මස්ක් විසින් අමෙරිකානු ඩොලර් 5000 ක් (ඔස්ටේ්‍රලියානු ඩොලර් 5000) ක මුදලක් 19 හැවිරිදි තරුණයෙකුට ලබාදීමට තැත් කිරීමේ පුවතක් වාර්තා වනවා.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පදිංචි අදාළ තරුණයා විසින් පවත්වාගෙන යන මෙම ට්විටර් ගිණුමෙහි අනුගාමිකයන් 150,000 කට අධික පිරිසක් සිටින බව සඳහන්.
ඉලොන් මස්ක් විසින් සිය පුද්ගලික ගුවන් යානයෙන් නිරතවන සියලු ගුවන් ගමන් පිළිබඳ සියලු තොරතුරු එහි අන්තර්ගත වන අතර ගුවන් මාර්ග සම්බන්ධ සජීවී තොරතුරු පවා ඊට ඇතුළත්.

සුප්‍රකට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ වන ඉලොන් මස්ක් විසින් පසුගිය දිනක මෙම තරුණයා අමතා දන්වා ඇත්තේ තමාගේ පුද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් වහාම අදාළ ට්විටර් ගිණුම ඉවත් කරන ලෙසයි.
ඒ සඳහා අමෙරිකානු ඩොලර් 5000 ක මුදලක් ලබාදීමට තමා සූදානම් බවද සුපිරි බිලියනපතියා පවසා තිබෙනවා.

කෙසේවෙතත් 19 හැවිරිදි තරුණයා දන්වා ඇත්තේ අවම වශයෙන් තමාට ඩොලර් 50,000 ක මුදලක් අවශ්‍ය බවයි.
නොඑසේනම් ටෙස්ලා සමාගමේ පුහුණු රැකියාවක් වුවද සෑහෙන බවයි ඔහු ඉලොන් මස්ක් වෙත දන්වා ඇත්තේ.
කෙසේවෙතත් ඉලොන් මස්ක් විසින් ඊට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් පළකර නොමැති බවයි වාර්තා වන්නේ.
COMMENTS