NSW ප්‍රාථමික සිසු දෙමව්පියන් වෙත $ 500 ක වවුචරයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ප්‍රාථමික සිසු දෙමව්පියන් වෙත $ 500 ක වවුචරයක්

NSW ප්‍රාථමික සිසු දෙමව්පියන් වෙත $ 500 ක වවුචරයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෑම ප්‍රාථමික අංශ සිසුවෙකුගේම දෙමව්පියන් වෙත ඩොලර් 500 ක වවුචරයක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වැයවන සමස්ත මුදල ඩොලර් මිලියන 155 ක් බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලේ.

පෙබරවාරි මාසයේ අවසානයේ සිට මේ සඳහා අයදුම් කිරීමට දෙමව්පියන්ට අවස්ථාව උදාවනවා.

Service NSW ඇප්ලිකේෂනය හරහා ඊට අයදුම් කල හැකි බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර සිටියේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ලැබූ සිසුන් එළඹෙන ශීත සෘතුවට පෙර පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බව ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍ය f–ම්ස් මර්ලීනෝ අද ප්‍රකාශ කලා.

COMMENTS