
කුකුල් මස් තොග අවසන්වීම හමුවේ Northern Territory හි පිහිටා ඇති KFC අවන්හලක් ඔස්ටේ්‍රලියා ජාතික දිනයේදී වසා දැමීමට සිදුවූ පුවතක් වාර්තා වනවා.
Alice Springs හි මෙම අවන්හල සැළකෙන්නේ ලොව වඩාත් හුදකලාව පිහිටි KFC අවන්හල් අතුරින් එකක් ලෙසයි.
මෙම වසා දැමීමත් සමග Casual සේවකයන්ට ඔවුන්ගේ සේවා මුර පවා අහිමිවූ බවටයි වාර්තා පළවන්නේ.

ඊයේ දිනයේදී නැවතත් ඩාර්වින් සිට කුකුල් මස් තොග ගෙන්වා ගැනීමත් සමග අවන්හලේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම ක්වීන්ස්ලන්ඩ් සිට තවත් අමතර තොග ගෙන්වා ගැනීමටද පියවර ගත් බවයි ඔවුන් නිවේදනය කලේ.
