
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද දිනයේදීත් අයහපත් කාළගුණ තත්වයක් බලපානු ඇති බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.
මෙල්බන් නගරයේ ස්ථාන ගණනාවක ධාරාණිපාත වැසි සහ අකුණු සහිත කුණාටු පැවතිය හැකි බවටයි කාළගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් සති අන්තය වනවිට මෙම තත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා.

ඔස්ටේ්‍රලියාවට බලපා ඇති ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වය හේතුවෙනුයි මෙලෙස වරින්වර අයහපත් කාළගුණ විපර්යාස තත්වයක් උද්ගත වන්නේ.
ඊයේ දිනයේදීත් වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබුණේ අධික වර්ෂා කාළගුණ තත්වයක්.

https://www.abc.net.au/news/2022-01-28/thunderstorm-lightening-weather-melbourne-victoria-/100786564