
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ට වැඩි ජනගහණයෙන් බූස්ටර් මාත්‍රාව ගත් ප්‍රතිශතය සියයට 33 එනම් 1/3 ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේවෙතත් තවත් මිලියන 02 කට වැඩි පිරිසක් 03 වන මාත්‍රාව ලබාගත යුතුව ඇති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
මේ අතර මෙම සති අන්තයේදී පාසල් 15 ක එන්නත්කරණ මධ්‍යස්ථානද විවෘත කිරීමට නියමිත බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

ප්‍රාන්තයේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් අතුරින් 212,000 කට වැඩි පිරිසක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ගෙන ඇති බව සඳහන්.
තවත් 82,000 ක් පමණ ඉදිරි දින 30 සඳහා වේලාවන් වෙන් කරවාගෙන ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කලා.

COMMENTS