Search

05 -11 ත් අතර වික්ටෝරියා දරුවන්ට දින වෙන් කරවා ගැනීමකින් තොරව එන්නත ගැනීමට අවස්ථාව

වයස අවුරුදු 05 ත් 11 ත් අතර වික්ටෝරියා ප්‍රාන්තවාසී දරුවන්ට පූර්ව දින වෙන් කරවා ගැනීමකින් තොරව කොවිඩ් එන්නත ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව Dandenong Plaza, Caroline Springs, Sunshine Hospital & Campbellfield Ford Complex ස්ථානවල පිහිටා ඇති එන්නත්කරණ මධ්‍යස්ථානවලින් ඔවුන්ට එන්නත් ලබාගැනීමට මූලික අධියරේදී පහසුකම් සැළසෙනු ඇති.

ලබන සතියේදී පාසල් යළි ආරම්භ කිරීමට පෙර මෙම සති අන්තයේදී පාසල් 15 ක එන්නත්කරණ මධ්‍යස්ථානද විවෘත කිරීමට නියමිත බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

ප්‍රාන්තයේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් අතුරින් 212,000 කට වැඩි පිරිසක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ගෙන ඇති බව සඳහන්.

තවත් 82,000 ක් පමණ ඉදිරි දින 30 සඳහා වේලාවන් වෙන් කරවාගෙන ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කලා.

https://www.abc.net.au/news/2022-01-27/covid-live-blog-isolation-vaccination-case-numbers-rat-tests/100784046?utm_campaign=abc_news_web&utm_content=link&utm_medium=content_shared&utm_source=abc_news_web#live-blog-post-1208015775

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »