Search

ඔස්ටේ්‍රලියාවට පැමිණීම සඳහා බූස්ටර් අනිවාර්ය වන ළකුණු

ඔස්ටේ්‍රලියාව තුළ පූර්ණ එන්නත්කරණය යන්න සඳහා නව නිර්වචනයක් අද ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන ජාතික කැබිනෙට් මණ්ඩලයේදී එම තීරණය ගනු ඇති බවයි.

මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලෙසින් හැඳින්වෙන්නේ එන්නත් මාත්‍රා 02 ක් ලබාගෙන තිබීමයි.

කෙසේවෙතත් එය මාත්‍රා 03 ක් බවට පත් කිරීම අද දිනයේදී සිදු කෙරෙනු ඇති බවයි ඩැනියල් ඇන්ඩෲස් අනාවැකි පළකරන්නේ.

එසේ වුවහොත් සෞඛ්‍ය උපදෙස් යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ලබාදෙන සීමා ලිහිල් කිරීම් – අවසර ලැබීම් සඳහා එන්නත් මාත්‍රා 03 ම ලබාගෙන සිටීම අනිවාර්ය වනවා.

එමෙන්ම ඔස්ටේ්‍රලියාවට පැමිණීම සඳහා ද බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම අනිවාර්ය කෙරෙනු ඇති.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-new-case-numbers-data-reveals-vaccination-covid-19-deaths/97f44e68-8acc-4b71-9f3e-cd4c43b77710

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »