ජාත්‍යන්තර සිසුන්ට ලබන 05 දා සිට බටහිර ඔස්ටේ්‍රලියාවට එන්න අවසර – AusLanka TV – Australian News for the Sri Lankan community

ජාත්‍යන්තර සිසුන්ට ලබන 05 දා සිට බටහිර ඔස්ටේ්‍රලියාවට එන්න අවසර

ජාත්‍යන්තර සිසුන්ට ලබන 05 දා සිට බටහිර ඔස්ටේ්‍රලියාවට එන්න අවසර

ප්‍රාන්ත සීමා විවෘත කිරීම කල් දැමුවද ලබන 05 වනදා සිට ජාත්‍යන්තර සිසුන්ට පැමිණිමට අවසර දීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර පර්ත් වෙත පැමිණීමෙන් පසු දින 14 ක් නිරෝධායනය විය යුතු වනවා.

බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත සීමා ලබන 05 වනදා සිට විවෘත කිරීමට නියමිත වුවද ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම හමුවේ එය කල් දැමීමටයි ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් තීරණය කලේ.

කෙසේවෙතත් දහස් සංඛ්‍යාත ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගෙන ඔවුන්ට පමණක් නියමිත දිනයටම ප්‍රාන්ත සීමා විවෘත කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන පාඨමාලා ආරම්භයට පෙර සිසුන්ට බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණිමට මේ අනුව අවස්ථාව උදාවනවා.

සිසුන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර එය කඩ කරන අයෙකු වෙතොත් ඩොලර් 50,000 ක දඩයකට යටත්වීමට ද සිදුවනවා.

https://www.news.com.au/travel/travel-updates/international-students-allowed-to-enter-western-australia-in-last-minute-border-backflip/news-story/267aa5aa13029014cc19a06b483e9b40

COMMENTS