
Tonga රාජ්‍යය වෙත මානුෂීය ආධාර සහ වෛද්‍ය සැපයුම් රැගෙන යමින් සිටි ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින පුද්ගලයින් 23 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.
ඒ හේතුවෙන් අදාළ නෞකාව මුහුදේ තබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Tonga බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටී.
දැනට කොවිඩ්වලින් තොර Tonga රාජ්‍යයට තර්ජනයක් නොමැති බව සහතික කිරීම තවත් සැළසුමකි.

ටොංගා දිවයිනේ පසුගිය 14 වනදා සිදුවූ ගිණිකඳු පිපිරීම දෙවන ලෝක යුධ සමයේදී අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලද න්ය්ෂ්ඨික බෝම්බයේ ප්රබලත්වයට වඩා සිය ගුණයක ප්‍රබලත්වයකින් යුක්ත බව නාසා ආයතනය පවසනවා.
සිය රටෙහි ජනගහණයෙන් 4/5 කට වඩා මෙහි බලපෑමට තවමත් ලක්ව සිටින බවයි ටොංගා බලධාරීන් සඳහන් කරන්නේ.

විසිරී ගිය අලු සහිත දුමාරය හමුවේ පානීය ජල පහසුකම් සපයාගැනීම ටොංගා රාජ්‍යයට තවමත් ගැටලුවක් බව සඳහන්.
මෙම සුනාමි ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 03 ක්.
COMMENTS