නිවු සවුත් වේල්ස් කොවිඩ් සීමා තවත් මාසයකට දීර්ඝ කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් කොවිඩ් සීමා තවත් මාසයකට දීර්ඝ කරයි

නිවු සවුත් වේල්ස් කොවිඩ් සීමා තවත් මාසයකට දීර්ඝ කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක කොවිඩ් සීමා තවත් මාසයකට දීර්ඝ කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ ලබන ඉරිදා සිට පෙබරවාරි 28 වනදා තෙක් එම සීමා දීර්ඝ කිරීමට තීරණය කල බවයි.

මේ අනුව අවන්හල් – සුරා සැල් – රාත්‍රී සමාජ ශාලා වැනි ස්ථානවල වර්ග මීටර 02 නීතිය අඛණ්ඩව බලාත්මක වනු ඇති.

පුද්ගලික නිවාස හැර අනෙකුත් සෑම ස්ථානයකම ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය ද අනිවාර්ය වනවා.

සිල්ලර වෙළඳසැල් ඇතුලු ස්ථාන ගණනාවකදී කේත භාවිතයද අනිවාර්යයි.

Hospitality ස්ථානවල නර්තනය මෙන්ම ගීත ගායනයද අඛණ්ඩව තහනම් වනු ඇති.

https://7news.com.au/lifestyle/health-wellbeing/nsw-reports-18512-positive-covid-cases-as-over-20-deaths-are-reported-again-today-c-5433332

COMMENTS