ඔස්ටේ්‍රලියාවේ නගර සභාවක් අත්පුඩි ගැසීම – ගීත ගායනය තහනම් කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නූසා නගර සභා බල ප්‍රදේශය විසින් පණවා ඇති අපූරු නීතියක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් නිර්මාණය වී තිබෙනවා.

සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මෙම ප්‍රදේශයේ ලබන සතියේ සිට අත්පුඩි ගැසීම – ශබ්ද නගා කථා කිරීම – ගීත ගායනා කිරීම සහ ආරාවුල් ඇති කරගැනීම තහනම් වනවා.

සංචාරකයන්ට නිදහසේ නිවාඩු ගත කිරීමට අවස්ථාව සළසා දීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවයි නූසා නගර කවුන්සිලය නිවේදනය කර සිටියේ.

නව නීති අනුව කුළී නිවාසවල කළමණාකරු අදාළ ස්ථානයේ සිට කිලෝමීටර් 20 ක වපසරිය තුළ සිටිය යුතු අතර අධි ශබ්ද පැමිණිල්ලක් ලද වහා විනාඩි 30 ක් ඇතුළත එම ස්ථානයට පැමිණීම අනිවාර්ය වනවා.

කෙසේවෙතත් දේපළ හිමිකරුවන් ඇතුලු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

PIC – 9NEWS

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »