ඔමික්‍රෝන් පැතිරීම උච්චවෙමින් ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි

කොවිඩ් අවදානම් ප්‍රදේශවල Omicron ප්‍රභේදයේ පැතිරීම උච්ච වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

ජූලි අග දක්වා කාලයේ Rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 16 ක් ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට අපේක්ෂා කරන බවයි ඔහු කියාසිටියේ.

Rapid පරීක්ෂණ කට්ටල හිඟය සම්බන්ධයෙන් මධ්‍යම රජයට ජයගැනීමට අභියෝග පවතින බවත් ග්‍රෙග් හන්ට් කියාසිටියා.

2022 වසර සඳහා පාසල් විවෘත කරන සැලසුම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විසින් මේ සතියේදී එළිදැක්වීමට නියමිතයි.

දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවෙන් මාස 03 කට පසු ක්වීන්ස්ලන්ත වැසියන්ට ඊයේ සිට බූස්ටර් එන්නත ලබාගත හැකියි.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »