
ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී තමා බලයට පත්වුවහොත් පාසල් පද්ධතිය නගා සිටුවීමට ඩොලර් මිලියන 440 ක මුදලක් වෙන් කරන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
මෙය මැතිවරණය ඉලක්ක කර ඔහු මෙම වසරේදී ලබාදුන් පළමු මැතිවරණ පොරොන්දුවයි.
කම්කරු පක්ෂ රජයක් යටතේ අධ්‍යාපනය නගා සිටුවීමට වැඩි අවධානයක් යොමු කරන බවත් පාසල් ගොඩනැගිලි ඉදි කිරීම පමණක් නොව සිසුන්ගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීම වැනි කරුණු කෙරෙහිද එහිදී අවධානය යොමු කරන බවත් ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

TAFE අධ්‍යාපන ආයතන නගාසිටුවීම ද සිය ප්‍රමුඛ ඉලක්කයක් බවයි විපක්ෂ නායක ඇල්බනීස් අවධාරණය කර සිටියේ.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ද මේ සඳහා වැඩි ඉඩක් වෙන් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කලා.

COMMENTS