PHOTOS : වෛද්‍යවරු එන තුරු දරු ප්‍රසූතියට බිරිඳට උපකාර කල බ්‍රිස්බන් පදිංචි ලාංකික පියා – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS : වෛද්‍යවරු එන තුරු දරු ප්‍රසූතියට බිරිඳට උපකාර කල බ්‍රිස්බන් පදිංචි ලාංකික පියා

PHOTOS : වෛද්‍යවරු එන තුරු දරු ප්‍රසූතියට බිරිඳට උපකාර කල බ්‍රිස්බන් පදිංචි ලාංකික පියා

මෝටර් රථයක ඉදිරිපස අසුනේ සිටි තම බිරිඳට දරු ප්‍රසූතිය සඳහා උපකාර කල ශ්‍රී ලාංකික පියෙකු ඔස්ට්‍රේලියානු ජනතාවගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ.

මාධවී ලෙව්කේ සහ ශ්‍යාම් කෝට්ටෙගොඩ ඔවුන්ගේ බිළිඳු පුතණුවන්ගේ උපත බ්‍රිස්බේන් නුවර රෝහල් රථ ගාලක, මෝටර් රථයක් තුළ සිදුවෙතැයි කිසි විටකත් බලාපොරොත්තු වී නොසිටියහ.

දරු ප්‍රසූතිය සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (ජන.20) උදෑසන කඩිනමින් රෝහල වෙත රැගෙන යාමට සිදුව තිබිණි.

“මගේ බිරිඳ මට කිව්වා එයාට ඇවිදින්න අමාරුයි කියලා. ඒ නිසා මම රෝද පුටුවක් අරගෙන එන්න ගියේ. හැබැයි මම ඒ වෙලාවේ වාහනේ දොර විවෘත කළා ම දැක්කේ, බබාගෙන් භාගයක් එළියට එනවා. මම ඊට පසේ මගේ අත් දෙකෙන් බබාව අල්ලා ගෙන, උදව් ඉල්ලලා කෑ ගැහුවා.” තම බිරිඳට වින්නඹු මවකගේ කාර්ය භාරය ඉටු කළ ශ්‍යාම් තම අත්දැකීම විස්තර කළේ එලෙසිනි.

එම අවස්ථාව වන විට රෝහල් වෛද්‍ය කණ්ඩායම මාධවී සහ ශ්‍යාම් සිටි ස්ථානය ළඟා වී තිබිණි.

මාධවී සහ ශ්‍යාම් අලුත උපන් සිය බිළිඳාට තවම ත් නම් තබා නොමැත.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මාධ්‍ය ද වාර්තා කර ඇත.

https://www.brisbanetimes.com.au/national/queensland/i-caught-the-baby-in-my-hands-brisbane-dad-delivers-new-son-in-car-park-20220121-p59q7v.html

 

PICS – brisbanetimes.com.au

COMMENTS