ප්‍රියන්ත කුමාර ඝාතන සිදුවීමේ පළමු නඩු තීන්දුව එයි

පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකික කළමණාකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමු වරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් (ATC) විසින් දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද්නාන් නමැති මෙම සැකකරු සියල්කොට් කම්හලේදී ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සාධාරණීකරණය කළ අතර පසුව අධිකරණය හමුවේ තමා කළ අපරාධය පාපොච්චාරණය කර ඇත.

අපරාධයකට සහයෝගී වීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව සියල්කොට්හි රාංග්පුර් පොලිස් ස්ථානය විසින් මෙම නඩුවක් ගොනු කර ඇත.

ඒ අනුව පැවති නඩු විභාගයට අනුව විනිසුරුවරයා  තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදීතයා වරදට පත් කරමින් ඔහුට වසරක සිරදඬුවමක් සහ පාකිස්තාන රුපියල් 10,000 ක දඩයක් ද නියම කර තිබෙනවා.

ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දෙසැම්බර් 3 වන දින ඔහු කළමනාකරු ලෙස සේවය කළ සියල්කොට් හි කර්මාන්ත ශාලාවකදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලදී.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »