අසැබි ඡායාරූප එවන්නැයි තරුණියන්ට බලකල මෙල්බන් ලාංකිකයා වරද පිළිගනී

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවන්නැයි තරුණියන්ට බලපෑම් කල මෙල්බන් වාසය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වරද පිළිගෙන තිබෙනවා.

රන්පති අමරසිංහ නම් 24 හැවිරිදි මොහු Deakin විශ්ව විද්‍යාලයේ ඉගෙනුම හදාරා මේ වනවිට Bridging visa බලපත්‍රයකින් සිටින්නෙකු බවයි වාර්තා වන්නේ.

මොහුට එරෙහිව චෝදනා 25 ක් ගොණු කර ඇති අතර එම සියල්ලට ඔහු වරද පිළිගෙන තිබෙනවා.

ඇතැම් තරුණියන් විසින් ඡායාරූප එවීම ප්‍රමාද කල විට, ඔවුන් මීට පෙර එවන ලද ඡායාරූප දන්නා හඳුනන වෙනත් අයට යවන බවටද සැකකරු විසින් තර්ජනය කර ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

Instagram සහ Snapchat ආදී සමාජ ජාලවල විවිධ ව්‍යාජ නම් යොදාගනිමින් මොහු වයස අවුරුදු 10 ක් වැනි ලාබාල දැරියන් පවා හිංසනයට ලක්කර ඇතැයි ෆෙඩරල් පොලිසිය විසින් තහවුරු කර තිබෙනවා.

Victoria’s County Court හමුවේ මොහුට එරෙහිව දඩුවම් නියම කිරීම ලබන පෙබරවාරි 24 වනදා සිදුකෙරෙනවා.

https://www.news.com.au/national/victoria/courts-law/whores-deserve-it-students-chilling-threats-while-sextorting-young-girls/news-story/92834e48064015fd90af8db6b2584db9https://www.dailymirror.lk/breaking_news/Sri-Lankan-national-who-convinced-young-girls-to-send-lewd-images-videos-pleads-guilty/108-229620