ඔස්ටේ්‍රලියාවට එන්න කලින් ලංකාවට තරගාවලි ජයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවට එන්න කලින් ලංකාවට තරගාවලි ජයක්

ඔස්ටේ්‍රලියාවට එන්න කලින් ලංකාවට තරගාවලි ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියෙන් 2 ට 1 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ පල්ලේකැලේ ඊයේ පැවති 02 වන එක්දින තරගයෙන් ළකුණු 184 ක විශ්ෂ්ට ජයක් ලබාගැනීමත් සමගයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත් ළකුණූ සංඛ්‍යාව 254 ක්.

පැතුම් නිස්සංක 55 ක්ද තරගයේ වීරයා වූ චරිත් අසලංක 52 ක් ද රැස්කලා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24 යි පන්දු 04 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 70 ක් පමණයි.

ජෙෆ්රි වැන්ඩර්සේ ළකුණු 10 කට කඩුලු 04 ක් ද / දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 02 බැගින්ද බිඳහෙලුවා.

පැතුම් නිස්සංක තරගාවලියේ වීරයායි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මීලගට යෙදී ඇත්තේ ඔස්ටේ්‍රලියානු තරග සංචාරයයි.

එය ලබන මාසයට යෙදී තිබෙනවා.

COMMENTS