ලිහිල් කෙරෙන නීති හමුවේ පැමිණෙන සංක්‍රමණිකයන් ඉහළ යනු ඇති බවට අනාවැකි

විදෙස් සංචාරකයන් සඳහා ලිහිල් කෙරෙන නව නීති හමුවේ රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට ෆෙඩරල් රජය අනාවැකි පළකරනවා.

සංක්‍රමණ අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු ඇමතිනිය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයකයි ඒ බව දැක්වෙන්නේ.

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පණවා ඇති නීති හෙට අලුයම 01 සිට තවත් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව රටට පැමිණිමට පෙර දැනට බලාත්මක පී සී ආර් පරීක්ෂණය වෙනුවට ගුවන් ගමනට පැය 24 කට පෙර සිදුකරන රැපිඩ් පරීක්ෂණයක් වුවද ප්‍රමාණවත් බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ.

විදේශයකදී කොවිඩ් ආසාධිත පුද්ගලයෙකුට රටට පැමිණීමට සිටිය යුතු අවම දින ගණනද 07 ක් දක්වා අඩු කර තිබෙනවා.

මෙතෙක් එය පැවතියේ දින 14 ක් ලෙසයි.