T20 ලෝක කුසලානයේ පළමු තරගයට ශ්‍රී ලංකාවත් – ඔක්තෝබර් 16 Geelong හිදී

ලබන ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී ඔස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.

පළමු වටයේ පළමු තරගයටම ශ්‍රී ලංකාව තරග කිරීම විශේෂත්වයක්.

Geelong හි Kardinia Park Stadium ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය පැවැත්වෙනවා.

පළමු වටයේදී ශ්‍රී ලංකාව සහභාගී වන තරග 03 ම පැවැත්වෙන්නේද එම ක්‍රීඩාංගණයේයි.

දෙවන තරගය ඔක්තෝබර් 18 වනදාත් 03 වන තරගය ඔක්තෝබර් 20 වනදාත් පැවැත්වෙනු ඇති.

Geelong

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »