ක්වීන්ස්ලන්ඩ් දෛනික කොවිඩ් ආසාදිතයින් මේ මාසය අවසානයේදී උපරිමයට ? – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් දෛනික කොවිඩ් ආසාදිතයින් මේ මාසය අවසානයේදී උපරිමයට ?

ක්වීන්ස්ලන්ඩ් දෛනික කොවිඩ් ආසාදිතයින් මේ මාසය අවසානයේදී උපරිමයට ?

දැනට පවතින දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ මාසය අවසානයේදී උපරිම වනු ඇතැයි ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරයි.

පළමුව ගෝල්ඩ් කෝස්ට් කලාපයේ ආසාදිතයින් ඉහළ යනු ඇතැයි ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Yvette D’Ath  පුරෝකථනය කරයි.

පෙරේදා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 16,812 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.

වෙනත් අසනීප තත්ත්වයකට මුහුණ පා සිටි වයස අවුරුදු 18 ක  අයෙකු ද එම මරණ අතර වෙයි.

කොවිඩ් වෛරසය හමුවේ රෝහල්ගත වන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝහල් වෙත පැමිණිය හැකි සංඛ්‍යාව දිනයේ ඕනෑම වේලාවකදී එක් රෝගියෙකු වෙනුවෙන් පැමිණිය හැකි අමුත්තන් ගණන 02 කට සීමාවනවා.

COMMENTS