NSW පොලිසිය දඩ වලින් පමණක් ගිය වසරේදී ඩොලර් බිලියනයක් හොයයි

විවිධ වැරදිවලට අදාළව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් පසුගිය වසරේදී නිකුත් කර ඇති දඩ මුදල්වල වටිනාකම ඩොලර් බිලියනයකට ආසන්න වී තිබෙනවා.

කොවිඩ් රෙගුලාසි කඩ කිරීම් / මාර්ග වැරදි ඇතුලු විවිධ නීති කඩ කිරීම් මීට අයත්.

ලොක්ඩවුන් තත්වයන් හමුවේ මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව තරමක් අඩුවී ඇතත් නිකුත් කල දඩ පත්‍රිකා ප්‍රමාණයෙහි බරපතල අඩුවක් දක්නට නොමැති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

2019-20 කාලසීමාවේදී දඩ පත්‍රිකා ලක්ෂ 28 ක් නිකුත් කර තිබූ අතර පසුගිය වසරේදී එය ලක්ෂ 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ මාස 12 දී අධි වේගයෙන් රිය ධාවනයට අදාළව දඩ පත්‍රිකා ලක්ෂ 13 ක් නිකුත් කර ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

https://www.9news.com.au/national/fines-issued-in-nsw-last-year-surge-to-almost-1-billion-dollars-worth-despite-covid-19-lockdowns/f30b5b99-beb3-4536-ba67-e51c56adee56

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »