2020 න් පසු ඔස්ටේ්‍රලියාවේ වැඩිම ගුවන් ගමන් ගිය මාසයේ – AusLanka TV – Australian News for the Sri Lankan community

2020 න් පසු ඔස්ටේ්‍රලියාවේ වැඩිම ගුවන් ගමන් ගිය මාසයේ

2020 න් පසු ඔස්ටේ්‍රලියාවේ වැඩිම ගුවන් ගමන් ගිය මාසයේ

2020 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා තහනමක් පැණවීමෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම ගුවන් ගමන් ක්‍රියාත්මක වූ මාසය බවට පසුගිය දෙසැම්බර් මාසය පත්ව තිබෙනවා.

පසුගිය මාසයේදී පුද්ගලයන් 197,000 ක් පමණ රටට පැමිණ ඇති අතර 229,000 ක් පමණ රටින් බැහැරට ගොස් තිබෙනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට රටට පැමිණිමටත් නැවත බැහැරට යාමටත් පසුගිය නොවැම්බර් පළමුවනදා සිට අවසර දෙනු ලැබුවා.

එමෙන්ම විදෙස් සංචාරකයන්ටද සීමාවන්ට යටත්ව නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර ලැබීමද ගුවන් ගමන් ඉහළයාමට හේතුවක් වී ඇති බව සඳහන්.

රටට එන විදෙස් සංචාරකයන් වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල තවමත් දැඩි නිරෝධායන රෙගුලාසි බලාත්මකයි.

COMMENTS