
19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 04 ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සමත්වුණා.
පළුමවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියා 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලබාගත්තේ ළකුණු 175 ක් පමණයි.
කැම්බල් කෙලාවේ 54 යි.

ශ්‍රී ලංකා 19 න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ ළකුණු 28 කට කඩුලු 05 ක් බිඳහෙලුවා.
ටේරවින් මැතිව් සහ මතීශ පතිරණ කඩුලු 02 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉණ්ම ක්‍රීඩාකල ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 37 කදී කඩුලු 06 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.
නායක දුනිත් වෙල්ලාලගේ 52 යි.
19 න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීලග තරගය ලබන සිකුරාදා බටහිර ඉන්දීය කොදෙව් 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.