
මෙල්බන් නාගරික කලාපය සහ ප්‍රාදේශීය වික්ටෝරියා කලාපය වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් 1000 ක් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.
දැනට විදේශයන් හි සිටින ඔස්ටේරලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන්ට මෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය රැකියාවක් තහවුරු කරගෙන ඇති වෘත්තිකයන්ට මේ සඳහා අයදුම්කල හැකියි.
ලබන මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක මෙම අයදුම්පත් භාර ගැනීමේ කාලයේදී නිසි සුදුසුකම් සම්පූර්ණ කරන්නන්ට ඩොලර් 2000 ක සංචාරක දීමනාවක්ද හිමිවනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා ස්ථාපිත රෝහල් 300 ක නිර්මාණය වී ඇති සේවක පුරප්පාඩු හැකි ඉක්මණින් සම්පූර්ණ කිරීම සඳහායි මෙම කඩිනම් වීසා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ.
පහත සඳහන් වෘත්තීන් සඳහා මෙම පුරප්පාඩු නිර්මාණය වී පවතී.

- Medical Laboratory Scientist (234611)
- Hospital Pharmacist (251511)*
- Industrial Pharmacist (251512)*
- Retail Pharmacist (251513)*
- Orthotist or Prosthetist (251912)
- General Practitioner (253111)
- Resident Medical Officer (253112)
- Psychiatrist (253411)
- Medical Practitioners nec (253999)
- Midwife (254111)
- Registered Nurse (Aged Care) (254412)
- Registered Nurse (Critical Care and Emergency) (254415)
- Registered Nurse (Medical) (254418)
- Registered Nurse (Mental Health) (254422)
- Registered Nurse (Perioperative) (254423)
- Registered Nurses nec (254499)
- Social Worker (272511)
COMMENTS